103 වන ජ්‍යාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා බදුල්ල දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලයේ මඟ පෙන්වීමෙන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා විසිර පවත්නා සමුපකාර සමිති එක්ව දෙවන වරටත් බදුලු මුතියංගණ මහා සෑ රජුන් උදෙසා “උත්තම ශ්‍රී මුක්තක ධාතු වන්දනාව හා මහා කංචුක පූජාව 2025.07.04 දින සවස පවත් වන ලදී.
කප්රුක් පෙරහැර සමුපකාර කාර්යාලයේ සිට ආගමික වතාවක් සිදු කිරීමෙන් අනතුරුව හේවිසි කණ්ඩායම් ප්‍රමුඛ අලංකාර පෙරහැරකින් පහල වීදිය ඔස්සේ බදුල්ල නගරය හරහා මුතියංගන විහාරස්ථානයට පැමිණ කංචුක පූජාව සිදු කර ඉන් අනතුරුව උත්තම මුණි ශ්‍රී මුක්තක ධාතු වන්දනාව සිදු කරන ලදී.
ධාතු වන්දනාව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පොලොන්මාරුවේ වාචිස්වර ස්වාමින් වහන්සේ විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ඌව පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සමන්ත ජයසිංහ මහතා, බදුල්ල සමුපකාර සංර්වර්ධන සහකාර කොමසාරිස් ප්‍රියන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරි හා දිස්ත්‍රික්කයේ සියලුම සමුපකාර සමිති වල නිලධාරින් එක් විය.



